නිල්ලඹේ ජලාශයේ ගිලී තිදෙනෙක් මරුට...(වීඩියෝ)

දෙසැ 06, 2021
  • පේරාදෙණිය නිල්ලඹේ ජලාශයේ ගිලී පුද්ගලයෙක් මියගොස් තිබේ. දෙදෙනෙක් අතුරුදන්ව ඇතැයි අප වාර්තාකරු පවසයි.

    පස් දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ඊයේ පස්වරුවේ නිල්ලඹේ ජලාශයේ දියනාමින් සිටිය දී අනතුරට මුහුණ පා ඇතැයි,පොලිසීය කියා සිටියි. ජලාශයේ වාන්

    දොරටුවක් හදිසියේ විවෘත කිරීමත් සමග විශාල ජලකඳක් පැමිණීමත් සමග පිරිස දියපහරට හසුව ගසා ගෙන ගොස් තිබේ.
    ඔවුන් මහනුවර,මාපනාවතුර ප්‍රදේශයේ පදිංචිකරුවන්.

    සිද්ධියෙන් මියගොස් ඇත්තේ මොහොමඩ් ෆාරිස් රෆ්ෆාන් නමැත්තෙක්. ඔහුගේ සිරුර ඊයේ සොයා ගැනිණ. අතුරුදන්ව ඇත්තේ වයස අවුරුදු 20 සහ අවුරුදු දෙක හමාර වියෙහි පසුවූවන්. අතුරුදන් වූ දරුවාගේ පියා සහ ඥාතී සොයුරියක් ප්‍රදේශවාසීන් විසින් බේරාගෙන රෝහල්ගත කරනු ලැබීය.

    Last modified on සදුදා, 06 දෙසැම්බර් 2021 18:59

    Latest News