ඔමික්‍රෝන් පැතිරීම වේගවත් වෙයි

දෙසැ 15, 2021

    කොරෝනා වෛරසයේ ඔමික්‍රෝන් ප්‍රභේදය අපේක්ෂිත මට්ටමට වඩා අතිශය වේගයෙන් පැතිර යමින් පවතින බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

    ඇතැම් රටවල මෙම ප්‍රභේදය මේ වන විටත් ශීඝ්‍රයෙන් පැතිර ගොස් තිබේ. එහෙත් ඒ පිළිබඳව අවධානය යොමු නොකිරීම හඳුනා ගෙන නොමැති වීම බරපතල තත්වයක් බවයි, එම සංවිධානයේ ප්‍රධානී වෛද්‍ය ටෙඩ්රස් ඇඩනම් පෙන්වා දෙන්නේ.

    ඔමික්‍රෝන් ප්‍රභේදය ලොව රටවල් 77කින් පමණ හඳුනාගෙන තිබේ. ඇතැම් රටවල වෛරස ප්‍රභේදය පැතිර ඇති බවට තොරතුරු වාර්තා වන නමුත්, ඒ පිළිබඳ නිශ්චිත සාක්ෂි සොයා ගෙන නැහැ.

    මේ නිසා වෛරස පරීක්ෂාව තවදුරටත් වැඩිකළ යුතු බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙන්නේ.

    Last modified on බදාදා, 15 දෙසැම්බර් 2021 11:25

    Latest News