විදේශ සේවයට අලුත් ක්‍රමයක් සේවිමට හරින්ගේ සූදානමක්

මැයි 21, 2019

    අලුත් ක්‍රමවේදයක් සකස් කර පුහුණු ශ්‍රමිකයන් හා අර්ධ පුහුණු ශ්‍රමිකයන් විදේශ රැකියා සඳහා යැවීමට බලාපොරොත්තු වන බවත් විදුලි සංදේශ විදේශ රැකියා සහ ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසයි.

    අමාත්‍යවරයා අද (21) පාර්ලිමේන්තුවේ දී මන්ත්‍රී හේෂා විතානගේ මහතා යොමු කළ අතුරු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් මේ බව පැවසීය.

    රැකියා ඒජන්සිවල සමහරු කූට අන්දමින් අඩු වයස් අය රට යනවා. ගෘහ සේවයට කාන්තාවන් යැවීමේ අඩුවක් නෑ. රජයක් ලෙස බලාපොරොත්තු වුණා ඒ ප්‍රමාණය අඩු වුණේ නෑ. මෙය සිදුවන්න හේතුව කුමක් දැයි මන්ත්‍රී හේෂා විතාන විමසා සිටියේ ය.

    ඊට පිළිතුරු දුන් අමාත්‍යවරයා -“පවුල් පසු බිම් වාර්තාව ඉල්ලනකොට හොරෙන් යවන ප්‍රමණය වැඩියි. අපි සාකච්ඡා කරලා, විශාල වැඩපිළිවෙලකට අත ගහලා තිබෙනවා. හරි ක්‍රමවේදයක් තුළින් රැකියාවලට යවන්න. සම්පූර්ණ අලුත් ක්‍රමවේදයක් සකස් කරනවා. මගෙත් එකම බලාපොරොත්තුව ගෘහ සේවිකාවන්ට වඩා පුහුණු ශ්‍රමිකයන් හා අර්ධ පුහුණු ශ්‍රමිකයන් යැවීමයි. විසිට් වීසා සම්බන්ධයෙන් ප්‍රශ්නයක් තිබෙනවා. රන් පියාපත් කියලා කැම්පේන් එකක් ක්‍රියාත්මක කරනවා. එයින් ජනතාව දැනුවත් කරනවා යැයි ද අමාත්‍යවරයා පැවසී ය.

    Latest News