අගුණුකොළපැලැස්ස රැඳවි ප්‍රහාරය ගැන පරික්ෂණ නියෝග ඉල්ලීමක්

පෙබ 22, 2019

    අඟුණකොළපැලැස්ස බන්ධනාගාරය තුළ රඳවා සිටි රැඳවියන්ට පහර දී වධහිංසා කිරීමේ සිද්ධිය පිළිබඳව පරීක්ෂණයක් පැවැත්වීමට පොලිස්පති නියෝග කරන්නැයි ඉල්ලා අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් අද ඉදිරිපත් කෙරිණ.

    සිරකරුවන් සුරැකීමේ සංවිධානයේ සුදේශ් නන්දිමාල් ද සිල්වා විසින් පෙත්සම ඉදිරිපත් කළේය.

    අධිකරණ අමාත්‍ය තලතා අතුකෝරාල, පොලිස්පතිවරයා, රහස් පොලිසියේ අධ්‍යක්ෂ වරයා, අගුණුකොළපැලැස්ස බන්ධනාගාරය අධිකාරිවරයා සහ බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ඇතුළු අට දෙනකු වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබේ. අගුණුකොළපැලැස්ස බන්ධනාගාරය තුළ රඳවා සිටි සිරකරුවන් වධ හිංසාවලට භාජනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් කරුණු පුළුල්ව අනාවරණය වී ඇති බව පෙත්සම්කරුවන් කියා සිටි. රහස් පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණද විධිමත් පරීක්ෂණයක් පවත්වා නොමැති බව ඔවුන් කියා සිටිති.

    අඟුණකොළපැලැස්ස බන්ධනාගාරය තුළ රඳවා සිටි රැඳවියන්ට පහර දී වධහිංසා කිරීමේ සිද්ධිය ගැන පුළුල් පරීක්ෂණයක් පවත්වන ලෙස පොලිස්පතිවරයා ඇතුළු වගඋත්තරකරුවන් වෙත නියෝගයක් නිකුත් කරන පෙත්සම්කරු අධිකරණයෙන් ඉල්ලා තිබේ.

    Latest News