ලංකා සතොස නව අළෙවිසැල් 25ක්

නොවැ 18, 2021

    ලංකා සතොස නව අළෙවිසැල් 25ක් (18) අද දින දිවයින පුරා ප්‍රදේශ ගණනාවක දී විවෘත විය.



    ඒ, පාරිභෝගිකයාට ගුණත්වයෙන් ඉහළ භාණ්ඩ අඩුම මිළ ගණන් යටතේ ලංකා සතොස අළෙවිසැල් හරහා තවදුරටත් ලබා දීමට කටයුතු පුළුල් කිරීම සදහායි.

    පාරිභෝගික ජනතාවට සහන සැලසීම සඳහා සතොස ශඛා ජාලය හරහා හැකිතාක් සහන මිලට භාණ්ඩ අලෙවි කිරීමට පියවර ගන්නා බව වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
    ඒ අනුව වත්මන් රජයේ සෞභාග්‍යය දැක්මේ අරමුණ සාක්ෂාත් කරගැනීම වෙනුවෙන් පාරිභෝගික ජනතාවට තමන් ජීවත්වන ප්‍රදේශය ආසන්නයේ ලංකා සතොස අළෙවිසැල් ඇති කරමින් මේ වසර අවසානයේ ලංකා සතොස අළෙවිසැල් ජාලය 500ක් දක්වා වැඩි කිරීම වෙළෙඳ අමාත්‍යාංශයේ අරමුණයි. එමෙන්ම ඉදිරි වසර අවසාන වන විට අළෙවිසැල් 1000ක් දක්වා ව්‍යාප්ත කිරීමටත් සැලසුම් කර තිබේ.

    Latest News