10 සිට 13 වසර දක්වා ශ්‍රේණි අද සිට යළි ඇරඹේ

නොවැ 08, 2021

    දිවයින පුරා පාසල්වල 10 සිට 13 වැනි වසර දක්වා ශ්‍රේණි අද යළි විවෘත කෙරුණා.

    වසංගතය හමුවේ වසර දෙකකට ආසන්න කාලයක් පාසල් වරින්වර වසා දැමුණු අතර වසංගතය යම් මට්ටමකට පාලනය වීමත් සමඟ සියලු පාසල්වල ප්‍රාථමික අංශ පසුගිය 25 වැනිදා ආරම්භ කිරීමටයි පියවර ගැනුණේ.

    අපොස සාමාන්‍ය පෙළ හා උසස් පෙළ විභාග ඉලක්ක කර ගනිමින් අධ්‍යාපන කටයුතු ආරම්භ කිරීමට කොවිඩ් මර්දන කමිටුවෙන් ලැබුණු නිර්දේශවලට අනුවයි මෙලෙස අද පාසල් විවෘත කෙරුණේ. ඒ සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරමිනි. කොළඹ දිස්ත්‍රික්කයේ පාසල්වල අද සිසුන්ගේ පැමිණීම ඉහළ අගයක පවතින බව වාර්තා වෙනවා.

    Latest News