ඩෙංගු රෝගීන්ගේ වාර්තාවීම ඉහළට

නොවැ 03, 2021

    වැසි සහිත කාලගුණයත් සමග ඩෙංගු රෝගීන්ගේ වැඩිවීමක් දක්නට ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ විශේෂඥ වෛද්‍ය ශිරන්ති සෙනෙවිරත්න පවසයි.

    දිනපතාම ඩෙංගු රෝගීන් 30ක් පමණ වාර්තා වෙයි. වැඩිම රෝගීන් සංඛ්‍යාවක් බස්නාහිර පළාතෙන් වාර්තා වන අතර එය සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාවෙන් 68%කි.

    ඊට අමතරව මහනුවර, ගාල්ල, මාතර, කුරුණෑගල, බදුල්ල, රත්නපුර සහ කෑගල්ල දිස්ත්‍රික්කවලින් රෝගීහු වැඩි වශයෙන් වාර්තා වෙයි.

    රටේ පැවති කොවිඩ් වෛරසය තත්වයත් සමග පසුගිය කාලසීමාවේ ඩෙංගු පරීක්ෂාවන් සිදුනොවූවත් මේවනවිට නැවතත් ඩෙංගු මර්දන වැඩසටහන් ආරම්භ කර තිබේ. නැවත පාසල් ආරම්භයට ප්‍රථම පාසල් පරිශ්‍ර පිරිසිදු කරන ලෙස ද සෞඛ්‍ය අංශ බලධාරීන්ගෙන් ඉල්ලා සිටියි.

    Latest News