'විවිධ ප්‍රදේශවලින් කොවිඩ් රෝගීන්ගේ සුළු වැඩිවීමක්'

නොවැ 03, 2021

    විවිධ ප්‍රදේශවලින් කොවිඩ් 19 ආසාදිත රෝගීන්ගේ සුළු වැඩිවීමක් දක්නට ලැබෙන බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසයි. සංචරණය හැකිතාක් අවම කරන ලෙසයි ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

    පුද්ගල ඒකරාශී විම් ආයතන තුළ තිබෙන රැස්වීම් විවිධ ක්‍රියාකාරකම් රට බරපතළ තත්ත්වයකටට තුඩු දෙන නිසා එවැනි කටයුතු වලින් ඈත් වී සිටින ලෙසත්, සති කිහිපයක් ගත වූ පසු මෙන්න මේ කාරණාව නිසා නැවත රෝගීන් මතු වුණා කියලා ඇඟිල්ල දික් කරන්න පුළුවන් කමක් නෑ... තමන්ගේ අවශ්‍යතාවය ඉෂ්ට කරගත් පසුව හැකි ඉක්මනින් එම ස්ථාන වලින් ඉවත් විය යුතුයි.

    වැඩි දෙනෙකු එක් නිවසකින් එකතුවීම හා සංචාරක ස්ථාන මුහුදු වෙරළ ආශ්‍රිතව විනෝද ස්ථානවල පිරිස වැඩි නම් එවැනි ස්ථානවලට නොගොස් නිස්කලංක පරිසරයක කාලය ගත කළ යුතුයි.

    විවිධ උත්සව සඳහා කොළඹින් බැහැරව යන පිරිස් හෙට දිනයේ ඒ පිළිබඳ සැළකිලිමත් විය යුතුයි.

    Latest News