පාසල් විභාග පැවැත්වීමට දින නියම කෙරේ

නොවැ 02, 2021

    2021 වසරේ කල් දමන ලද පාසල් විභාග පැවැත්වීමට අධ්‍යාපන අමාත්‍යංශය දින නියම කර තිබේ.

    විභාග සඳහා පෙනී සිටිමට නියමිත 5 ශ්‍රේණිය, උසස් පෙළ හා සාමාන්‍ය පෙළ සිසුන්ට පාසල් විවෘත කිරීමෙන් අනතුරුව අධ්‍යයන කටයුතු සම්පූර්ණ කිරීම සඳහා ප්‍රමාණවත් කාලයක් ලබාදී එම දිනයන් ප්‍රකාශයට පත්කර ඇත.

    ඒ අනූව, 2021 වර්ෂයේ පැවැත්වීමට නියමිත විභාගයන් සඳහා සංශෝධිත කාලසටහනක් අධ්‍යාපන අමාත්‍යවරයා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇති අතර එයට අනුමැතිය හිමිව තිබේ.

    විභාග කාල සටහන පහතින් දැක්වේ.

    • 5 ශ්‍රේණිය ශිෂත්ව විභාගය - 2022 ජනවාරි මස 22 වන සෙනසුරාදා පැවැත්වේ.
    • අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය 2022 පෙබරවාරි මස 7 වන සඳුදා සිට මාර්තු මස 05 වන සෙනසුරාදා දක්වා පැවැත්වේ.
    • අධ්‍යාපන පොදු සහතින පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය 2022 මැයි මස 23 සඳුදා දින සිට 2022 ජූනි 01 වන බදාදා දක්වා පැවැත්වේ.

    93e42c81 index

    Latest News