අදත් සවස කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි

ඔක් 22, 2021

    දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස 1 න් පසුව වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

    එමෙන්ම මධ්‍යම, සබරගමුව, බස්නාහිර, උතුරු මැද සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී 75ට වැඩි තද වැසි ඇති වේ.

    මධ්‍යම, බස්නාහිර, සබරගමුව සහ උතුරු මැද පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේ දී මීදුම් සහිත වැසි බලාපොරොත්තු විය හැකිය.

    ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

    Latest News