මෙරට නිෂ්පාදිත ජීව අත්බෝම්බයක් සමඟ සැකකරුවකු අත්අඩංගුවට

ඔක් 18, 2021

    ඊයේ (17) උදෑසන කොස්ගම පොලිස් වසමේ කහපොල ප්‍රදේශයේ දී මෙරට නිෂ්පාදිත ජීව අත්බෝම්බයක් සමඟ සැකකරුවකු අත්අඩංගුවට ගෙන ඇත.



    කොස්ගම පොලිස් ස්ථානයේ නිලධාරීන් වෙත ලද තොරතුරක් මත වැටලීමක් සිදුකර අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 41ක් වූ කහපොල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

    සැකකරු ඊයේ අවිස්සාවේල්ල ගරු මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු 2021.10.28 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත. කොස්ගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

    Latest News