බලපත්‍ර නොමැතිව මැණික් ගැරූ සැකකරුවන් 5ක් අත්අඩංගුවට

ඔක් 18, 2021

    බලපත්‍ර නොමැතිව මැණික් ගරමින් සිටි සැකකරුවන් පස්දෙනෙකු ඊයේ (17)බගවන්තලාව පොලිස් වසමේ කොටියාගල වත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.

    බගවන්තලාව පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත වැටලීමක් සිදු කර අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 20, 24, 53, 60 හා 66 ක් වූ බගවන්තලාව ප්‍රදේශයේ පදිංචිකරුවන්වේ.

    සැකකරුවන් හට 2021.10.26 වන දින හැටන් ගරු මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් වන ලෙස දන්වා පොලිස් ඇප මත මුදාහැර ඇත.

    බගවන්තලාව පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

    Latest News