ජනපති ප්‍රධානත්වයෙන් ග්‍රාමශක්ති හේනගම දී ඇරඹේ (වීඩියෝ)

පෙබ 18, 2019

    ශ්‍රාමශක්ති ජාතික වැඩසටහනේ බස්නාහිර පළාත් වැඩසටහන ගම්පහ හේනගම දී අද ආරම්භ විය.

    ඒ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්. මෙහි දී අවධානය යොමු කෙරුණේ, කොළඹ, කලුතර, ගම්පහ යන දිස්ත්‍රික්ක තුන පිළිබඳවයි. පසුගිය වසරේ දී මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට කොළඹ දිස්ත්‍රික්කයේ ග්‍රාමශක්ති සමිතිවලට ලබා දුන් මුදල රුපියල් මිලියන 48ක්. ගම්පහ දිස්ත්‍රික්කයට රුපියල් මිලියන 39ක්, කලුතර දිස්ත්‍රික්කයට රුපියල් මිලියන 48ක් ලබා දී තිබේ. දිළිඳු ජනතාවගේ ගැටලුවලට පිළිතුරු ලබා දෙමින් ඔවුන් නඟා සිටුවීමේ අරමුණෙන් ග්‍රාමශක්ති සමිති හා පසුගිය වසරේ දී ආරම්භ කෙරිණ.

    බස්නාහිර පළාත් ශ්‍රාමශක්ති සමිති හා පෞද්ගලික සමාගම් කිහිපයක් අතර නව ගිවිසුම් කිහිපයකට ද අද අත්සන් තැබිණ. ඒ ග්‍රාමශක්ති සමිතිවල නිෂ්පාදිත මිල දී ගැනීමට අදාළවයි. හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාද් සාලි යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට සහභාගී විය.

    Last modified on සදුදා, 18 පෙබරවාරි 2019 20:33

    Latest News