'රට විනාශකරන පාර්ශව 4ක් ඉන්නවා'...(වීඩියෝ)

පෙබ 18, 2019

    රට විනාශ කරන ප්‍රධාන පාර්ශව හතරක් සිටින බව ජපානයේ ප්‍රධාන සංඝනායක පැල්පොල විපස්සි හිමියන් පවසයි. 

    සේදවත්ත වෙහෙරගොඩ, පුරාණ විහාරස්ථානයේ බෝධි ප්‍රාකාරයේ ඉදිකළ අභිනව රන්වැට, සසුනට පූජා කිරීමේ උත්සවයට  එක්වෙමින් විපස්සි හිමියන් මේ අදහස් පළ කළේය.

    ප්‍රධාන සංඝනායක පැල්පොල විපස්සි හිමියන් සිදුකළ කතාව..

    අපි හැමෝම ඉඩකඩම් ඉල්ලනවා,ගෙවල් ඉල්ලනවා,යානවාහන ඉල්ලනවා,ඉඩ කඩම් ඉල්ලනවා.. මේ හැමදේම අනිත්‍යයයි කියපු චරිතය තමයි සිද්ධාර්ථ චරිතය..ලංකාවේ ආගම් 4ක් තියනවා..භාෂා 3ක් කතාකරනවා..රටවල් පාලනය කරන්න ලේසි නැහැ..අමාරු කාර්යක්..ඉවසීමෙන්, ඥානාත්විතව කටයුතු කරලා ඕන මේ රට ගෙනියන්න..මේ රට නැතිකරණ 4 කොට්ඨාසයක් ඉන්නවා..පළවැන් එක්නෙවා තමයි අන්තවාදී හාමුදුරුවරු..අන්තපාල දේශපාලඥයෝ..අන්තවාදී වෘත්තීය සමිතිකාරයෝ..අන්තවාදී ජනමාධ්‍යකාරයෝ...මේ 4 ගොල්ලන් තමයි මේ රට විනාශ කරන්නේ...මේ රටට විමුක්ති ගේන්න දෙන්තැත්තේ..මේ රට, රටක් කරන්න දෙන්නේ නැත්තේ..

    මේ සියලුම ජාතීන් එක්වෙලා..සියලුම භාෂාවන් එක්වෙලා..සමුද්‍රයක් වගේ..ජාතිභේද, වංශභේද, කුලභේද නැතිව,මනුෂ්‍ය වාදියට අළුත් රටක් හඳන්න නම් අපි මේ භේද අත්හැරලා සත්‍යතාවය තේරුම් අරගෙන පොළවට පස්වෙයි, උඩට දුමයයි මේ ශරීරයේ ඊට වඩා ගෙනියන්නේ නැහැ..මේ ශරීරය තියනවා නම් අපි මේ මවුබිමට ණය නොවී දේශයේ විමුක්තියට අපි වැඩ කරලා..ඒඅපි බලාපොරොත්තු වන ආගම් අනූව උතුම් තැන්වලට යන්න අපි කවුරුත් ප්‍රාර්ථනා කරමින් අපේ අගමැතිතුමාට දීර්ඝායුෂ පාර්ථනා කරනවා...

    Last modified on සදුදා, 18 පෙබරවාරි 2019 15:25

    Latest News