මාවනැල්ල බුදුපිළිමවලට හානිකළ සැකකරුවන්ට අධිචෝදනා

ඔක් 09, 2021

    2018 වසරේ දෙසැම්බර් මස 26 වැනිදා හෝ ඊට ආසන්න දිනයක දී මාවනැල්ලේ ස්ථාන කිහිපයක බුදුපිළිමවලට හානි කිරීම සම්බන්ධයෙන් සැකකරුවන් 14 දෙනෙකුට අධි චෝදනා බාර දීම ඊයේ සිදු කෙරිණ.

    ඒ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ, ඊයේ නඩුව කැදවනු ලැබූ අවස්ථාවේ.

    කෑගල්ල පළාත්බද මහාධිකරණයේ සභාපති විනිසුරු ජගත් ඒ කහඳගමගේ,කෑගල්ල පළාත්බද විනිසුරු ජයකි ද අල්විස් හා අභියාචනාධිකරණ විනිසුරු ඉන්ද්‍රිකා කාලිංගවංස යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ නඩුව විභාග වෙයි.

    සැකකරුවන් 16 දෙනා අතරින් සැකකරුවන් දෙදෙනෙකු කොවිඩ් රෝගය වැළඳීම හේතුවෙන් ප්‍රතිකාර ලබන බැවින්, අධිකරණයට ඉදිරිපත් නොවූ බව රජයේ නීතීඥවරයා කියා සිටියි.

    පවතින තත්වය සළකා බැලූ සභාපති විනිසුරුවරයා නඩුව නොවැම්බර් 16 වැනිදා යළි කැඳවන ලෙස නියෝග කළේය.

    Latest News