ඇඳිරිනීතිය ඉවත කළ ද පළාත් අතර ප්‍රවාහන සේවා නැහැ

සැප් 30, 2021

    දැනට පනවා ඇති නිරෝධායන ඇඳිරිනීතිය හෙට (01) දිනයේ ඉවත් කළ ද පළාත් අතර පොදු ප්‍රවාහන සේවා ක්‍රියාත්මක නොවන බව ප්‍රවාහන සේවා රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා ප්‍රකාශ කරයි.



    මේ අනුව බස්රථ හෝ දුම්රිය පළාත් අතර සංචරණයක් සිදුනොවන නොවෙයි.

    තවද දුම්රිය සේවා සති දෙකක කාලයක් ක්‍රියාත්මක නොකරන ලෙස සෞඛ්‍ය අංශවලින් උපදෙස් ලබාදී ඇතැයි ද රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවැසීය.

    Latest News