හෙට උදෑසන 4ට ඇඳිරි නීතිය ඉවත් කිරීමට නියමිතයි

සැප් 30, 2021

    රට පුරා දැනට ක්‍රියාත්මක නිරෝධායන ඇඳිරි නීතිය ඔක්තෝබර් මස 1 වැනිදා උදෑසන 4 සිට ඉවත් කිරීමට රජය තීරණය කළේය.

    ඊට අවශ්‍ය පියවර ගන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උපදෙස් දුන් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ඊයේ (29) පැවසීය. එයට අදාළ නව සෞඛ්‍ය මාර්ගෝපදේශ පසුව දැනුම් දෙන බවද යුද හමුදාපතිවරයා ප්‍රකාශ කළේය. පසුගිය අගෝස්තු 20 වැනිදා රාත්‍රී 10 සිට මුළු දිවයිනටම බලපැවැත්වෙන පරිදි නිරෝධායන ඇඳිරි නීතිය පනවනු ලැබීය.

    Latest News