පළාත් සංචරණ සීමා කඩකල තවත් 582ක්

අගෝ 15, 2021
  • ඊයේ දිනයේ දී නිරෝධායන නීති උල්ලංඝනය කළ පුද්ගලයින් පුද්ගලයින් 108 දෙනෙකු අත්අඩංගුවට ගත් බව,පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසයි.

    එම මෙහෙයුම්වලදී මේ දක්වා අත්අඩංගුවට ගෙන ඇති සමස්ත සංඛ්‍යාව 54,359ක් බවයි,ඔහු පවසන්නේ.

    එමෙන්ම,පළාත් සංචරණ සීමා උල්ලංඝනය කරමින් ඊයේ (14) දිනයේ දී බස්නාහිර පළාතට ඇතුළුවීමට උත්සාහ කළ පුද්ගලයින් 582ක් ආපසු හරවා යැවූ බව ද ඔහු සඳහන් කරයි.

    අධිවේගී මාර්ගයට ඇතුළුවන වාහන සම්බන්ධයෙන් ද විශේෂ පරීක්ෂා කිරීම් සිදුකරන බව ද මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කරයි.

    Last modified on ඉරිදා, 15 අගෝස්තු 2021 09:50

    Latest News