ආරක්ෂක අමාත්‍යංශයෙන් මහජනතාවට විශේෂ නිවේදනයක්

සැප් 29, 2021

    ශ්‍රී ලංකාවේ දේවස්ථානවලට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල විය හැකි බවට සඳහන් කරමින් සමාජ හා විද්‍යුත් මාධ්‍ය ඔස්සේ සංසරණය වු පුවත සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කර තිබේ.

    එම පුවත අදාළ බලධාරින් විසින් විශ්ලේෂණය කිරීමක් හෝ තහවුරු කිරීමක් සිදුකර නොමැති තොරතුරක් බවයි,ආරක්ෂක ලේකම්, විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න මහතා විසින් එම නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ.

    එම සිදුවීම සම්බන්ධයෙන් කලබල වීමට හේතුවක් නොමැති බවද ආරක්ෂක ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කර තිබේ.

    Deffence 900px

    Latest News