ජංගම දුරකතනයෙන් කප්පම්‌ ගැනීම්‌ පිළිබඳව දැනුවත්වන්න - ආරක්ෂක අමාත්‍යංශය

මැයි 12, 2020

    ජංගම දුරකතනයෙන් පුද්ගලයන්ට තර්ජනය කර කප්පම්‌ ගැනීම්‌ පිළිබඳව දැනුවත්ව සිටින ලෙස ආරක්ෂක අමාත්‍යංශය ජනතාවගෙන්‌ ඉල්ලා සිටියි.

    සංවිධානාත්මක කණ්ඩායමක්‌ කප්පම්‌ ගැනීම සඳහා ජංගම දුරකතන පදනම්‌ කර ගත්‌ මුදල්‌ හුවමාරු වංචාවක්‌ මෙහෙයවන බව අනාවරණය වී තිබේ. මේ පිළිබඳව අවධානය යොමු කෙරුණේ, ඉහළ පෙළේ ආරක්ෂක නිලධාරීන්‌ සමග පැවති රැස්වීමකදීය. එය, ආරක්ෂක ලේකම්‌, විශ්‍රාමික මේජර්‌ ජෙනරාල්‌ කමල්‌ ගුණරත්න මහතාගේ ප්‍රධානත්වයෙන්‌ පැවැත්විණ. පොලිසිය පවසන්නේ, වංචාකාරී පුද්ගලයන්‌ ඇතැමුන්‌ වෙත දුරකතන ඇමතුම්‌ ලබා දී තර්ජනය කර ජංගම දුරකතන මුදල්‌ හුවමාරු පද්ධනි භාවිත කරමින්‌ රුපියල්‌ 25,000 සහ 50,000 වශයෙන්‌ මුදල්‌ ඉල්ලා ඇති බවයි. ජංගම දුරකනන මුදල්‌ හුවමාරු පද්ධති භාවිතයෙන්‌ කප්පම්‌ ගෙවීමට සමාන සිදුවීම්‌ පිළිබඳ ආරක්ෂක අමාත්‍යාංශය විමර්ශනය කරමින් සිටියි. එහෙත්‌, වංචා පිළිබඳව ජනනාව වඩාත්‌ සැලකිලිමත්‌ විය යුතුයි. ඇතැම්‌ වංචාකරුවන්‌ ඇතැමුන්ට ප්‍රකාශ කරන්නේ, පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ සිදු කෙරෙන පරීක්ෂණවලින්‌ අදාළ පුද්ගලයන්ගේ නම්‌ ඉවත්‌ කර දීමට රුපියල්‌ 25,000 ක මුදලක්‌ ලබා දිය යුතු බවයි. රක්ෂිත බන්ධනාගාරයේ සිටින සැකකරුවන්ගේ පවුල්වල සාමාජිකයන්ගෙන්‌ කප්පම්‌ ලබා ගැනීම ද සිදු කරන බව වාර්තාවේ. ඒ සඳහා බන්ධනාගාරයේ සිටින රැඳවියන්‌ පොලිස්‌ නිලධාරීන්‌ ලෙස පෙනී සිටිමින්‌, ඇතැම්‌ වංචාවල යෙදී සිටියි. ඒ පිළිබඳ ද විමර්ශනය කරන ලෙසයි, ආරක්ෂක ලේකම්වරයා පොලිසියට උපදෙස්‌ දී ඇත්තේ. අදාළ කණ්ඩායම් පිළිබඳ තොරතුරු ඇත්නම්‌, දුරකතන අංක 119 අමතන ලෙස ආරක්ෂක අමාත්‍යාංශය ජනතාවට දැනුම්‌ දෙයි.

    Latest News