කාර් පෙන්වා මුදල් ගැරූ සැකකරු සොයා මෙහෙයුම්

පෙබ 17, 2019

    මෝටර් රථ මෙරටට ආනයනය කර දෙන බව පවසා රුපියල් 4300000/-ක් වංචා කිරීම සම්බන්ධයෙන් කොළඹ වංචා විමර්ශන කාර්යාංශයට කරන ලද පැමිණිල්ලකට අනූව සැකකරු අත්අඩංගුවට ගැනීමට විමර්ශන ආරම්භ කර තිබේ.

    සැකකරු දිවයිනේ විවිධ ප්‍රදේශවල මෙලෙස මුදල් මංචා කර ඇති බවට පොලීසිය මෙතෙක් කළ විමර්ශනවලින් අනාවරණය වී ඇත. සමන් කුමාර ජයසිංහ නමැති සැකකරු 106ඒ,තිස්සපාර,තංගල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

    සැකකරු පිළිබඳ තොරතුරු වෙතොත් පහත දුරකථන අංක වෙත දැනුම් දෙන ලෙස පොලීසිය ජනතාවගෙන් ඉල්ලා සිටියි. අධ්‍යක්ෂ වංචා විමර්ශන කාර්යංශය - 011-2679593, ස්ථානාධිපති වංචා විමර්ශන අංශය - 011-2673571, ස්ථානාධිපති වංචා විමර්ශන අංශය ඒකක 04 - 011-2673594

     

    Last modified on ඉරිදා, 17 පෙබරවාරි 2019 11:06

    Latest News