සිරිපා වන්දනාවට මත්ද්‍රව්‍ය රැගෙන ආ අය මාට්ටු

පෙබ 17, 2019

    මත්ද්‍රව්‍ය රැගෙන හැටන් මාර්ගය ඔස්සේ ශ්‍රි පාද වන්දනාවේ පැමිණි තරුණයන් 17 දෙනෙකු ඊයේ (16) පස්වරුවේ හැටන් කොට්ඨාශ දුෂණ මර්දන ඒකකයේ නිලධාරින් විසින් සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.

    හැටන්-කොළඹ ප්‍රධාන මාර්ගයේ දියගල ප්‍රදේශයේදි කළ හදිසි පරික්ෂාවකදි මෙම තරුණයන් 17 දෙනා සන්තකයේ කේරල ගංජා, අයිස් මත්ද්‍රව්‍ය සහ ගංජා මිශ්‍ර මදන මෝදක ගුලි සන්තකයේ තබා ගැනිම චෝදනාව යටතේයි මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත්තේ.

    සැකකරුවන් ගාල්ල, මාතර, කොළඹ , ප්‍රදේශවල පදිංචිකරුවන් බවත්, ඔවුන් අවුරුදු 25-30 වයස් කාණ්ඩවල පසුවන අය බවයි, වැටලිම කළ නිලධාරින් කියා සිටියේ.
    අත්අඩංගුවට ගත් සැකකරුවන් හැටන් මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතයි.

    මේ අතර හැටන් මාර්ගය ඔස්සේ ඊයේ (16) ශ්‍රි පාදය කරුණා කිරිම ලක්ෂයකට වැඩි වන්දනාකරුවන් පිරිසක් පැමිණි බව නල්ලතන්නිය පොලිසියේ ස්ථානාධිපති ලක්සිරි ප්‍රනාන්දු මහතා පැවසිය.

    Latest News