ගාල්ලට ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවක්

පෙබ 16, 2019

    ගාල්ල ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව සඳහා වැඩ ආරම්භ කිරීම කථානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට ( 17)  පෙ.ව.8.30 ගාල්ල, නුගදූව හතරමංහන්දිය අසළදී සිදු කිරීමට නියමිතයි.

    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ මගපෙන්වීමෙන්, අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය වජිර අබේවර්ධන මහතාගේ සංකල්පයකට අනුව මෙය  ඉදිකරනු ලබයි.

     අංගසම්පූර්ණ නවීණ පහසුකම්වලින් සමන්විතව ඉදිකරනු ලබන මෙම ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව ගාල්ලට මෙතෙක් සම්මන්ත්‍රණ ශාලාවක තිබූ අඩුපාඩුව සපුරාලයි.

    මෙම අවස්ථාව සඳහා ගාල්ල දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු හා පළාත් සභා මැති  ඇමැතිවරු රැසක් සහභාගී වීමට නියමිතය.

    Latest News