මුදල් පසුම්බියේ රහස් සාක්කුවක සගවා කුඩු ගෙන ගිය දෙදෙනකු අත්අඩංගුවට

සැප් 10, 2021

    යතුරු පැදියකින් හෙරොයින් ප්‍රවාහනය කළ සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන තිබේ.

    වැල්ලවාය ඌව කුඩාඔය පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයාට ලද තොරතුරක් අනුව මෙම වැටලීම සිදුකර ඇත.

    මෙම සැකකරුවන් විසින් මුදල් පසුම්බියේ රහස් සාක්කුවක් නිර්මාණය කර එම සාක්කුවේ හෙරොයින් සගවා යතුරු පැදියකින් ගාල්ල ප්‍රදේශයේ සිට බුත්තල ඔක්කම්පිටිය දක්වා මෙලෙස හෙරොයින් ප්‍රවාහනය කර තිබේ.

    p1.jpg

    එක් සැකකරුවකු සන්තකයේ තිබී හෙරොයින් ග්‍රැම් හතරයි මිලිග්රැම් තිහක් සහ අනෙක් සැකකරු සන්තකයේ තිබී හෙරොයින් මිලිග්රැම් විස්සක් පොලිසිය විසින් සොයාගෙන ඇත.

    p2.jpg

    ඇදිරි නීති කාල සීමාව තුල ඉතාමත්ම සූක්ෂම ලෙස මෙම සැකකරුවන් විසින් හෙරොයින් ප්‍රවාහනය සිදු කර ඇති අතර අත්අඩංගුවට ගත් සැකකරුවන් ඔක්කම්පිටිය ප්‍රදේශයේ පදිංචි පිලිවෙලින් වයස අවුරුදු තිස් පහ සහ තිස් හත යන වයස් වල පසුවන්නන් බව පොලිසිය පැවසීය.

    p3.jpg

    සැකකරුවන් වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර ඌව කුඩාඔය පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් ඉදිරි විමර්ශන සිදු කරයි.

    p4.jpg

     

    Latest News