මෙරට භුමියෙන් 50% ශ්‍රි ලංකා මහවැලි අධිකාරිය යටතට

සැප් 10, 2021

    දිස්ත්‍රික්ක හතරක ගම්මාන 410 ක් එක්කොට නව මහවැලි කලාප දෙකක් පිහිටු වේ.

    මේ දක්වා මහවැලි කලාප 10 ක් පැවති අතර අලුතෙන් එක්වන්නේ දැදුරුඔය යෝජනා ක්‍රමය සහිත එන් කලාපය සහ වයඹ පළාත් මහඇළ බල ප්‍රදේශයයි. එය එම් කලාපය ලෙස 12 වන මහවැලි කලාපය ලෙස ශ්‍රි ලංකා මහවැලි අධිකාරියට එක්වෙයි. කුරුණෑගල පුත්තලම. අනුරාධපුරය. හා මාතලේ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස 26 ක් යෝජිත විශේෂ මහවැලි කලාප වලට අයත් වෙයි. මේ යටතේ ශ්‍රි ලංකා භූමියෙන් සියයට 50 ක ප්‍රදේශයක් ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ සංවර්ධන සැලැස්මට ඇතුලත් වෙයි. මෙම නව මහවැලි කලාප දෙක සදහා කැබිනට් අනුමැතිය ද ලැබී ඇත. පසුගිය කාලයේ උග්‍ර පානීය හා වාරි ජල හිගයක් තිබූ මෙම දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි ඉදිකළ මහා පරිමාණ ව්‍යාපෘතිවල ප්‍රතිලාභ මේ අනුව ජනතාවට ලැබෙනු ඇත.

    Latest News