නීතිවිරෝධීව ගෙන්වූ ඔක්සිමීටර 4200ක් රේගුව භාරයට..

සැප් 08, 2021

    නීති විරෝධී ලෙස මෙරටට ගෙන්වීවූ ඔක්සිමීටර් තොගයක් ශ්‍රී ලංකා රේගුවේ නිලධාරීන් විසින් සිය භාරයට ගෙන තිබේ.

    පෙට්ටි 21 ක අසුරන ලද ඔක්සිමීටර් 4,200 ක් මෙහිදී අත්අඩංගුවට ගත් අතර, එහි වටිනාකම රුපියල් 2,344,642 කි.

    නිෂ්කාශන නියෝජිතයෙකු ලෙස පෙනී සිටි අයෙකු ව්‍යාජ ලියවිල්ලක් ශ්‍රී ලංකන් කාගෝ ආයතනයේ නිළධාරීන්ට ඉදිරිපත් කර මෙම ඔක්සිමීටර් තොගය නිදහස් කරගෙන ඇතැයි වාර්තා වෙයි.

    සැකකරු ඊයේ (07) මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අතර, ඔහු සැප්තැම්බර් 21 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරිණ.

    සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.

    Latest News