නිරෝධායන නීති කැඩූ පුද්ගලයින් 674ක් අත්අඩංගුවට

සැප් 08, 2021

    ඒ, අද (08) උදෑසන 6.00න් අවසන් වූ ගතවූ පැය 24 තුළ කළ මෙහෙයුම්වලින්,නිරෝධායන නීති උල්ලංඝණය කළ පුද්ගලයින් 674 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

    මේ වනවිට පුද්ගලයින් 67,342 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි,පොලීසිය පවසන්නේ.

    මේ අතර, බස්නාහිර පළාතේ ක්‍රියාත්මක මාර්ග බාධක 13 කදී ඊයේ (07) දිනය තුළ, බස්නාහිර පළතෙන් පිටවන පුද්ගලයින් 890 දෙනෙකු පරීක්ෂා කර තිබේ.

    බස්නාහිර පළාතෙන් පිටවන වාහන 615ක් ද එම මාර්ග බාධකවලදී පරීක්ෂාවට ලක් කළ බවයි,පොලීසිය පවසන්නේ.

    Latest News