මාතර දිස්ත්‍රික්කයේත් 20ට වැඩි අයට එන්නත්කරණය ඇරඹේ

සැප් 08, 2021

    කොළඹ,ගම්පහ,කළුතර,ගාල්ල හා හම්බන්තොට යන දිස්ත්‍රික්කවල වයස අවුරුදු 20ත් 29ත් අතර පිරිසට කොවිඩ් මර්දන එන්නත් ලබාදීම අඛණ්ඩව ක්‍රියාත්මකයි.

    මාතර දිස්ත්‍රික්කයේ වයස අවුරුදු 20ත් 29ත් අතර පුද්ගලයින් සඳහා එන්නත් ලබාදීම අද ආරම්භ කෙරුණේ මධ්‍යස්ථාන 4කදී.

    මාතර මහින්ද රාජපක්ෂ විද්‍යාලය, වෙහෙරහේන විහාරය, රාහුල් විද්‍යාලය සහ වනිගසේකර විද්‍යාලය යන ස්ථානවල ඒවා ස්ථාපනය කර තිබේ. මෙහිදී ලබාදෙන්නේ ෆයිසර් එන්නතයි.

    Latest News