සබරගමුව කෘෂී පීඨයේ 54කට පංති තහනමක්

පෙබ 15, 2019

    නවක සිසු පිරිසකට දේශනවලට සහභාගීවීම ප්‍රමාද කළ සබරගමුව කෘෂි විද්‍යාපීඨයේ සිසුන් 54කට සතියක පංති තහනමක් පනවා තිබේ.

    ප්‍රථම වසරේ සිසුන් පිරිසක් සිය දේශනය සඳහා යාමේදී දෙවන වසරේ සිසුන් පිරිසක් ඊට සහභාගීවීමට ඉඩනොදී රඳවා ගැනීමෙන් මෙම සිද්ධිය සිදුව ඇත. නවක සිසුන්ට දේශන සඳහා යෑමට ඉඩ ලබා දෙන ලෙස ආචාර්ය මණ්ඩලය ඉල්ලීමක් කළත් දෙවන වසර සිසුන් එයට අවනත වී නොමැත. ඒ අනුව සිදුකළ පරීක්ෂණයකින් පසු දෙවන වසර සිසුන්ට මෙම පන්ති තහනම පනවා තිබේ.

    Last modified on සිකුරාදා, 15 පෙබරවාරි 2019 15:32

    Latest News