තවත් ආසාදිතයින් 3,835ක්..මරණ 195ක්

අගෝ 21, 2021

    ඊයේ (20) දිනයේ නැවතත් මෙරටින් වාර්තා වූ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 3,500 සීමාව ඉක්මවා ගියේය.

    ඒ අනූව, දේශීයව කොරෝනා ආසාදිතයන් 3,835 ක් හඳුනාගත් අතර විදේශ රටවල සිට පැමිණි ආසාදිතයන් 04 දෙනෙකු ඊට අයත්.
    දැනට මෙරටින් හමුවී ඇති සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 381,812 ක්.

    ඊයේ (19) දිනය තුළ කොරෝනා ආසාදිත මරණ‍ 195ක් සිදු වී ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර තිබේ.

    මිය ගිය අය අතරට වයස අවුරුදු 30 අඩු එක් පුද්ගලයෙක්, වයස අවුරුදු 30 - 59 අතර පුද්ගලයින් 43 ක් සහ අවුරුදු 60 වැඩි පුද්ගලයින් 151 දෙනෙකු අයත්.

    ඒ සමඟින් මෙර​ට කොරෝනා ආසාදිතව මියගිය සංඛ්‍යාව 6,985 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

    Latest News