ඊයේ කොවිඩ් ආසාදිතයන් 3676 ක්

අගෝ 19, 2021

    ඊයේ දිනයේ කොවිඩ් ආසාදිත පුද්ගලයන් 3676 දෙනෙකු අලුතින් හදුනාගත් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

    විදේශගතව සිට පැමිණි අය අතරින් හඳුණාගනු ලැබූ ආසාදිතයෝ 16 දෙනෙකු ද ඒ අතර වෙති. ඒ අනුව මේ දක්වා දිවයිනෙන් වාර්තා වී ඇති සමස්ත ආසාදිතයන්ගේ සංඛ්‍යාව තුන් ලක්ෂ හැට නව දහස් 343 කි. මේ අතර කොවිඩ් වෛරසය ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයන් 2188 දෙනෙකු සම්පුර්ණ සුවය ලබා රෝහල් සහ ප්‍රතිකාර මධ්‍යස්ථානවලින් ඊයේ පිටව ගොස් තිබේ. ඒ අනුව මෙරට සම්පුර්ණ සුවය ලැබු කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 3 ලක්ෂ දහසය දහස් 528 ක් දක්වා ඉහළ ගොස් ඇත.

    කොවිඩ් ආසාදිත මරණ 170 ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ඊයේ තහවුරු කලේය. පසුගිය 17 වෙනිදා සිදුව ඇති මෙම මරණ අතරින් 84 දෙනෙක් පිරිමි පුද්ගලයෝ සහ 86 දෙනෙක් කාන්තාවෝ වෙති. වයස අවුරුදු 30 ත් 59 ත් අතර මරණ සංඛ්‍යාව 40 කි. අවුරුදු 60 ට වැඩි අය අතරින් වාර්තා වි ඇති මරණ සංඛ්‍යාව 130 ක් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කර ඇති නිවේදනයේ දැක්වේ. මෙම මරණත් සමග මෙරටින් වාර්තාවි ඇති සමස්ත කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 6604 ක් දක්වා ඉහළ ගොස් ඇත.

    Latest News