ස්පුට්නික් V පළමු මාත්‍රාවෙන්ම ඉහළ ප්‍රතිශක්තියක්

අගෝ 19, 2021

    ස්පුට්නික් V පළමු එන්නත් මාත්‍රාවෙන්ම වයිරසය මර්දන ඉහළ ප්‍රතිශක්තියක් පුද්ගලයාගේ සිරුර තුළ නිර්මාණය වී ඇති බවට වාර්තාවේ.

    ඒ පිළිබඳ කළ පර්යේෂණයන්ගෙන් ඒ බව තහවුරුව ඇතැයි ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අසාත්මිකතා, ප්‍රතිශක්ති විද්‍යා හා සෛල ජෛව විද්‍යායතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය චන්දිම ජීවන්දර මහතා ඊයේ (18) ප්‍රකාශ කර තිබේ.

    රුසියාවේ නිෂ්පාදිත මේ එන්නතේ පළමු මාත්‍රාව ගත් පුද්ගලයන් 327කගේ නියැදි සාම්පල ආශ්‍රයෙන් අදාළ පර්යේෂණය කර ඇත. ඔවුන්ගේ සියයට 88.7ක පිරිසකගේ සිරුරු තුළ කොවිඩ්වලට එරෙහි ප්‍රතිශක්තිය නිපදවා ඇති බවත් වයස අවුරදු 60 ඉක්ම වූ පිරිසගෙන් සියයට82.6ක ගේ එම ප්‍රතිශක්තිය වර්ධනය වී ඇතිබව තහවුරු වී තිබේ.

    ස්පුට්නික් V පළමු එන්නත් මාත්‍රාව ගෙන සති හතරක් ගත වූ පසු මේ ප්‍රතිශක්තිය සිරුරු තුළ වර්ධනය වී ඇත.

    ස්පුට්නික් V එන්නතේ දෙවැනි මාත්‍රාවද දීම සිදු කළහොත් පුද්ගලයන්ගේ සිරුරු තුළ කොවිඩ් මර්දන ඉහළ ප්‍රතිශක්තියක් ගොඩනැඟෙන බවත් ලෝකයේ ඇතැම් රටවල් මේ
    එන්නතේ පළමු මාත්‍රාව පමණක් ගන්නා අතර, එය ස්පුට්නික් ලයිට් ලෙස හඳුන්වන බවත් වෛද්‍ය චන්දිම ජීවන්දර මහතා සඳහන් කරයි.

    මේ පර්යේෂණය සඳහා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අසාත්මිකතා, ප්‍රතිශක්ති විද්‍යා හා සෛල ජෛව විද්‍යායතනයේ මහාචාර්ය නිලීකා මලවිගේ, ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන් වන මහාචාර්ය ඇලයින් ටවුන්සෙන්ඩ්, මහාචාර්ය ග්‍රැහැම් ඕග් මහත්ම මහත්මීන්ද සම්බන්ධව ඇත.

    Last modified on බ්‍රහස්පතින්දා, 19 අගෝස්තු 2021 11:11

    Latest News