ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ සේවා සැපයීම ගැන දැනුම්දීමක්

අගෝ 15, 2021

    'කොවිඩ්-19' වෛරස ව්‍යාප්තිය හමුවේ ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ සේවාවන් සැපයීම සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.

    ඒ අනූව හෙට (16) සිට නුගේගොඩ ප්‍රධාන කාර්යාලය හා වේරහැර ඇතුළු අනෙකුත් සියළුම ශාඛා කාර්යාල මගින් සේවාවන් සපයනු ලබන්නේ අංක 225 ඇමතීම මගින් හෝ E-Channeling සේවාව මගින් වේලාවන් වෙන්කර ගත් සේවාලාභීන්ට පමණයි. 

    එමෙන්ම,අධිකරණය මගින් යොමුකරන රියදුරන්ගේ වෛද්‍ය පරීක්ෂණ සඳහා සේවා සැපයීම සීමාවකින් තොරව ලබාදෙන බව ද ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ සභාපති වෛද්‍ය සවින්ද්‍ර ගමගේ මහතා පවසයි.

    Latest News