ඔරුගොඩවත්තෙන් ව්‍යාජ මුදල් නෝට්ටු තොගයක්

අගෝ 15, 2021

    ඔරුගොඩවත්ත ප්‍රදේශයේ දී ව්‍යාජ මුදල් නෝට්ටු සමඟ සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන මහතා පවසයි.

    ග්‍රෑන්ඩ්පාස් පොලිසියට ලද තොරතුරකට අනුව මෙම වැටලීම සිදුකර තිබේ.

    සැකකරුවන් සතුව රුපියල් 100 නෝට්ටු 25, රුපියල් 500 නෝට්ටු 18 ක් සහ 1000 නෝට්ටුවක් තිබූ බවයි, පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරන්නේ.

    මෙම ව්‍යාජ මුදල් මුද්‍රණය කිරීම සඳහා භාවිතා කරන මුද්‍රණ යන්ත්‍රයක් ලැප්ටොප් පරිගණකයක් , ඇතුළු උපකරණ ද පොලිස් බාරයට ගෙන ඇත.

    Latest News