හැඳුනුම්පත් දෙපාර්තමේන්තුවේ මහජන සේවා අත්හිටුවයි

අගෝ 14, 2021

    පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ සියලුම මහජන සේවාවන් නැවත දැනුම්දෙන තුරු අත්හිටුවීමට තීරණය කර ඇත.

    එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ සිය නිලධාරීන් කිහිපදෙනෙකු කොවිඩ් ආසාදිතයින් බවට පත්වී ඇති බවත් තවත් පිරිසක් ආශ්‍රිතයින් ලෙස හඳුනාගෙන ඇති බවයි, එම දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ.

    ඒ අනුව 2021-08-16 දින සිට ප්‍රධාන කාර්යාලය සහ සියලු පළාත් කාර්යාල නැවත දැනුම්දෙන තුරු මහජනතාව සඳහා විවෘත නොකිරීමට තීරණයකර තිබේ.

    නමුත් ජාතික හැඳුනුම්පත් ලබාගැනීම සඳහා දින සහ වේලාවන් වෙන්කරවා ගත් සියලුම ඉල්ලුම්කරුවන් සඳහා ජාතික හැඳුනුම්පත් එදින හෝ ඊට පෙර සකස් කර තැපැල් මාර්ගයෙන් යොමුකිරීමට කටයුතු කෙරෙනු ඇත.

    ඒ සම්බන්ධ සම්පූර්ණ නිවේදනය පහතින්,

    Department

    Latest News