තාවකාලික හැඳුනුම්පත් නිකුත් කිරීමේ කාලය දීර්ඝ කෙරේ

නොවැ 10, 2019

    එළඹෙන ජනාධිපතිවරණයට අදාළ තාවකාලික හැඳුනුම්පත් නිකුත් කිරීමේ කාලය ලබන 12 වැනිදා දක්වා දීර්ඝ කර තිබේ.

    මේවනවිට මැතිවරණ කොමිෂන් සභාව වෙත ලැබී ඇති තාවකාලික හැඳුනුම්පත් හෙට (11) දිනයේ සිට ඡන්ද දායකයින් වෙත බෙදාහැරීමට කටයුතු කරන බවයි මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ‍්‍රී රත්නායක නෙත් නිවුස් වෙත සඳහන් කළේ.  

    ඡන්දය ප‍්‍රකාශ කිරීමට අනන්‍යතාවය ඔප්පු කළ හැකි කුමන හෝ වලංගු හැඳුනුම්පතක් නොමැති නම් ප‍්‍රදේශයේ ග‍්‍රාම නිලධාරීවරයා හමුවී මැතිවරණ කොමිෂන් සභාව නිකුත් කරන තාවකාලික හැඳුනම්පත ලබාගත හැකි බව ද මෙහිදී ප‍්‍රකාශ කෙරිණ.

    Last modified on ඉරිදා, 10 නොවැම්බර් 2019 14:39

    Latest News