රාජ්‍ය සේවය අද සිට සාමාන්‍ය පරිදි

ජන 03, 2022

    රාජ්‍ය සේවා කටයුතු අද සිට යළි සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක කෙරේ. ඊට අදාළ උපදෙස් මේවනවිටත් අමාත්‍යංශ ලේකම්වරුන් සහ රාජ්‍ය ආයතන ප්‍රධානීන් වෙත නිකුත් කර ඇති බවයි රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය සඳහන් කළේ.

    මීට පෙර රාජ්‍ය සේවය සඳහා කැඳවා තිබුණේ අත්‍යවශ්‍ය සේවකයින් පමණයි.

    ඒ අනුව අද සිට රාජ්‍ය සේවය යළි සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වන අතර රාජ්‍ය සේවයේ නියුතු ගර්භණී මව්වරුන් ද නියමිත ක්‍රමවේදයන්ට අනුව ඒ සඳහා පැමිණිය යුතු බවයි රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශයේ ලේකම් ජේ ජේ රත්නසිරි මහතා පැවසුවේ.

    Latest News