මන්නාරම LG හදිසිගේ ගිනිගනී

පෙබ 13, 2019

    මන්නාරම, ග්‍රෑන්ඩිබසාර් ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික අලෙවිසැළක ඊයේ රාත්‍රී 9.05ට පමණ හදිසි ගින්නක් හටගැනිණ.

    ගිනි නිවීම් අංශය, පොලිස් නිලධාරීන් හා ප්‍රදේශවාසීන් එක්ව ගින්න සම්පූර්ණ මැඩපවත්වා තිබේ. ගින්න හේතුවෙන් ජීවිත හානි කිසිවක් සිදුව නොමැති අතර සිදුවූ අලාභය මෙතෙක් තක්සේරු කර නොමැති බවයි, පොලිස් මූලස්ථානය පවන්නේ. ගින්නට හේතුව සොයා මන්නාරම පොලීසිය මගින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.

    Last modified on බදාදා, 13 පෙබරවාරි 2019 07:58

    Latest News