කොළඹ-මඩකළපුව මාර්ගයේ රිය අනතුරකින් කාන්තාවන් දෙදෙනෙකු ජීවිතක්ෂයට

ජූලි 29, 2021

    කොළඹ-මඩකළපුව ප්‍රධාන මාර්ගයේ මනම්පිටිය කොළකණවාඩිය ප්‍රදේශයේදී අද උදෑසන සිදු වූ රිය අනතුරකින් කාන්තාවන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

    අද පෙ.ව. 6.15ට පමණ බස් රථයක් හා කැබ් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබේ. අනතුරින් කාන්තාවන් දෙදෙනෙකු මියගොස් තවත් දස දෙනකු තුවාල ලබා පොලොන්නරුව මහා රෝහලට ඇතුළත් කර ඇත. කොළඹ සිට පූනානි දක්වා කොරෝනා රෝගීන් විසි දෙනෙකු ප්‍රවාහනය කරමින් තිබූ යුද හමුදාව ට අයත් බස් රථයක් හා වැලිකන්ද කඩවත්මඩුව ප්‍රදේශයේ සිට පොලොන්නරුව මහරෝහලට පිරිසිදු කරන සෞඛ්‍ය කම්කරුවන් පිරිසක් රැගෙන පැමිණෙමින් තිබූ කැබ් රථයක් මෙලෙස අනතුරට ලක් වී ඇති බව පොලීසිය සඳහන් කර සිටියි. මිය ගිය කාන්තාවන් දෙදෙනා කඩවත්මඩුවේ පදිංචිකරුවන් වන අතර ඔවුන්ගේ මෘත දේහයන් පොළොන්නරුව මහ රෝහලේ තැන් පත් කර ඇත. සිද්ධියෙන් පසු බස රථයේ රියදුරුවරයා අත්අඩංගුවට ගෙන තිබේ.

    Latest News