මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ යැයි සැක පිට දෙහිවල දී කාන්තාවක් අත්අඩංගුවට

ජූලි 29, 2021

    අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ කාන්තාවක දෙහිවල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

    පොලීසිය සඳහන් කළේ ඇය සතු බැංකු ගිණුම් පහක, අවුරුදු හතරක සිට රුපියල් කෝටි 600 ක මුදලක් සංසරණය වී ඇති බවයි.

    මුදල් විශුද්ධි කරණ පනත යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඇය අත්අඩංගුවට ගෙන තිබේ.

    එලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ වයස අවුරුදු 41ක් වු දෙහිවල ප්‍රදේශයේ පදිංචි කාන්තාවකි.

    ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය විමර්ශන ඒකකය මඟින් ලබාදුන් තොරතුරු මත එම කාන්තාව අත්අඩංගුවට ගෙන ඇති අතර, අදාළ කාන්තාවගේ ගිණුම්වලට මුදල් බැර කළ පුද්ගලයින් පිළිබඳව ද මේ වන විට තොරතුරු අනාවරණය වී තිබේ.

    Latest News