තවත් එන්නත් මාත්‍රා තොගයක් කටුනායකට

ජූලි 26, 2021

    කොවිඩ් මර්දන ෆයිසර් එන්නත් මාත්‍රා තොගයක් අද (26) අලුයම මෙරටට රැගෙනවිත් තිබේ.



    එය අද අලුයම 2.30ට කටාර් ගුවන් සේවයට අයත් ගුවන්යානයකින් මෙරටට රැගෙනවිත් ඇති බව වාර්තාවේ.

    අමෙරිකාවේ නිෂ්පාදිත ෆයිසර් එන්නත් මාත්‍රා අනූදාහක් එම තොගයට ඇතුලත් අතර එවා අධි ශීතකරණවල තැන්පත් කිරීම සඳහා නාරාහේන්පිට පිහිටි ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානය වෙත අද අළුයම රැගෙන එනු ලැබුවා.

    කොවිඩ් ප්‍රතිශක්තිකරණ වැඩසටහන යටතේ සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව 271402ට ලබා දී තිබෙනවා. එහි දෙවන මාත්‍රාව ලබා ගත් සංඛ්‍යාව 11,485ක්. මොඩර්නා එන්නතේ පළමු මාත්‍රාව 37,385 දෙනෙකුට ලබා දී තිබෙනවා. ඉකුත් දින හත තුළ මෙරට ජනතාවට ලබාදී ඇති එන්නත් මාත්‍රා ප්‍රමාණය 1,775,195ක්. ඊයේ ලබාදී ඇති සමස්ථ එන්නත් මාත්‍රා සංඛ්‍යාව 320,272ක්.

    Latest News