පිස්තෝලයක් ගෙන යකා නැටූ කොස්තාපල් (වීඩියෝ)

පෙබ 11, 2019

    මිනුවන්ගොඩ ප්‍රදේශයේ ඊයේ(10) රාත්‍රී සිදුවූ රිය අනතුරකදී පොලිස් නිලධාරියෙකු පිස්තෝලයක් පෙන්වමින් බිය වැද්දීමක් සිදු කර ඇත.

    මිනුවන්ගොඩ, නිල්පනාගොඩ ප්‍රදේශයේ දී දෙපසින් පැමිණි යතුරු පැදි දෙකක් මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදු වී ඇත. ඉන් එක් යතුරු පැදියක පැමිණි සිවිල් ඇඳුමින් සැරසුනු පොලිස් කොස්තාපල්වරයෙකු පිස්තෝලයක් පෙන්වමින් අනෙක් යතුරුපැදිකරු බිය වැද්දීම සිදුකර ඇත.

    එම සිදුවීම ඒ ආසන්නයේ තිබූ CCTV කැමරාවල සටහන් වී තිබේ. එම දර්ශන ද සමග පැමිණිලි කිරීමට මිනුවන්ගොඩ පොලිස් ස්ථානයට ගිය ප්‍රදේශවාසීන් හා පොලිසිය අතර උණුසුම් තත්වයක් ද ඇති විය.

    මෙම සිද්ධිය ඊයේ රාත්‍රී 8.55ට පමණ සිදුවී ඇති අතර එම අවස්ථාවේ පොලිස් කොස්තාපල්වරයා බීමතින් සිට ඇති බව වාර්තාවේ. මෙම නිලධාරියා අනතුරට පත් අනෙක් යතුරුපැදිකරුට හා ප්‍රදේශවාසීන්ට පහරදෙන ආකාරය සහ බිය වද්දන ආකාරය CCTV දර්ශනවල පැහැදිලිව සටහන් වී ඇත.

    මිනුවන්ගොඩ පොලීසිය මගින් මෙම පොලිස් නිලධාරියා අත්අඩංගුවට ගැනීමෙන් පසු අද(11) මිනුවන්ගොඩ අධිකරණයට ඉදිරිපත් කෙරිණ. එහිදී රුපියල් ලක්ෂයක ශරීර ඇප මත ඔහුව නිදහස් කර ඇත.

    පහර කෑමට ලක් වූ පුද්ගලයින් දෙදෙනෙක් මිනුවන්ගොඩ රෝහලේ ප්‍රතිකාර ලබති.

    Last modified on සදුදා, 11 පෙබරවාරි 2019 18:49

    Latest News