මහින්දගේ ඡන්ද සෙල්ලමක් ගැන ටිල්වින්ගේ හෙලිදරව්වක්

පෙබ 11, 2019

    විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පන්සල් ගොස් රට බෙදන්නවා කියා රටේ ජනතාව භයට පත් කර ඡන්ද ගැනිමේ උත්සහයක නිරත වන බව ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා පවසයි.

    ඔහු මේ බව කියා සිටියේ රන්න නගරයේ පැවති තංගල්ල ආසන බලමණ්ඩල රැස්වීම අමතමිනි.

    ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා - “රට බෙදන්නෙ කොහොමද, කඩන්නෙ කෙහොමද කියල කියන්නෙ නෑ. රට බෙදනවලු. මහින්ද මහත්තය දන්නව රටේ ජනතාව බය වෙන එකම කාරණය රට බෙදන එක කියල. එහෙම කියල ජනතාව අවුස්සනවා. කොනිත්තන්න ඕන තැන මෙකක්ද කියල එයා හොදට දන්නවා. මේගොල්ලො ජාතික සමගිය හදන විදිය ගැන කතා කරනවා වෙනුවට රට හදන විදිය ගැන කතා කරනව වෙනුවට, සදාචාරය රකින විදිය ගැන කතා කරනවා, වෙනුවට මොකක් හරි බොරුවක් කරල බලය ලබාගන්න බලාගෙන ඉන්න කන්ඩායමක්. මේ තත්වය රටේ ජනතාව තේරුම් ගන්න ඕන. මෙන්න මේ බාල දේශපාලනය, එදා වේල ගැට ගහගන්න දේශපාලනය වෙනස් කරල රට ඇතුලෙ ගැඹුරු දේශපාලන සාකච්චාවක්, සංවාදයක් ඇති කරන්න ඕන යැයි“ ටිල්වින් සිල්වා කියා සිටියේය.

    Latest News