මෙරට අධි තාක්ෂණිකික පළමු පාලම

ජූලි 12, 2021

    මෙරට පළමු අධි තාක්ෂණික කේබල් මත පිහිටි පාලම වන පෑලියගොඩ නව කැලණි පාලමේ, ගං ඉවුරු දෙපස සිට ඉදිකරගෙන ආ කොටස් දෙක එකතු කිරීම පෙරේදා (10) සිදු කෙරිණි.

    ගංඉවුරු දෙක හරහා ආරම්භ කළ ඉදි කිරීම් අවසන් කර පාලම යා කිරීම සිදු කෙරුණේ මහාමාර්ග ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙනි.

    ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට නවීන ඉංජිනේරු තාක්ෂණයෙන් සමන්විත අධි තාක්ෂණික කේබල් මත මෙම නව කැළණි පාලම ඉදිකර ඇත.

    කල්පවත්නා අධි තාක්ෂණික රැහැන් සහ ගංඉවුර මත දෙපසට විහිදෙන විශාල කුළුණු 2 ක් මගින් ප්‍රධාන පාලමේ බර දරා සිටින අයුරින් දෙපසට සමාන බර ලැබෙන පරිදි මෙම පාලම නිර්මාණය කර තිබේ.

    Latest News