අද තරමක තද වැසි

ජූලි 12, 2021

    මධ්‍යම සහ සබරගමුව පළාත්වල විටින් විට වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

    ඇතැම් ස්ථානවලට මි.මී 50 ඉක්මවු තරමක තද වැසි ඇති විය හැකිය.

    බස්නාහිර සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වේ.

    මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල විටින් විට හමන පැ.කි.මී 60 දක්වා වන තද සුළං සහ උතුරු, උතුරු මැද, වයඹ, බස්නාහිර සහ දකුණු පළාත්වල සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ විටින් විට හමන පැ.කි.මී 50 දක්වා වන තද සුළං ඇති විය හැකිය.

    Latest News