එන්නත් මාත්‍රා 43 ලක්ෂ 74,067ක් මේවන විට ජනතාවට

ජූලි 06, 2021

    'කොවිඩ්-19' ප්‍රතිශක්තීකරණ වැඩසටහන යටතේ ඊයේ එන්නත් මාත්‍රා එක් ලක්ෂ 51,873ක් මෙරට ජනතාවට ලබා දී තිබේ. එන්නත්කරණ වැඩසටහන අදත් ප්‍රදේශ රැසක ක්‍රියාත්මකයි.

    සයිනොෆාම් එන්නතේ පළමු පුද්ගලයින් එක් ලක්ෂ 33,215 දෙනෙකු සඳහා ලබා දී ඇති අතර එහි දෙවැනි මාත්‍රාව ලබා ගත් පිරිසට 18,477 දෙනෙක් අයත්.

    කොවිෂීල්ඩ් එන්නතේ දෙවැනි මාත්‍රාව ද ඊයේ 180 දෙනෙකු සඳහා ලබා දී තිබේ.

    ස්පුට්නික් වී එන්නතේ දෙවැනි මාත්‍රාව ද එක් පුද්ගලයෙකුට ලබා දී තිබේ.

    කොවිඩ් ප්‍රතිශක්තීකරණ වැඩසටහන යටතේ මේ දක්වා ලබා දී ඇති එන්නත් මාත්‍රා සංඛ්‍යාව හතළිස් තුන් ලක්ෂ 74,067ක්. එන්නත්කරණ වැඩසටහන යටතේ ඉකුත් දින 7 ඇතුළත පමණක් එන්නත් මාත්‍රා හත් ලක්ෂ 87,396 ලබා දී තිබේ. ජුනි 29 වැනිදා එන්නත් මාත්‍රා එක් ලක්ෂ 6,988ක් ද 30 වැනිදා එක් ලක්ෂ 73,520ක් ලබා දී තිබේ. එය මෙතෙක් දිනක දී ලබාදී ඇති වැඩිම එන්නත් මාත්‍රා සංඛ්‍යාවයි.

    මේ මස පළමු වැනිදා එන්නත් මාත්‍රා එක් ලක්ෂ 69,957ක් දෙවැනිදා එන්නත් මාත්‍රා 85,683ක් තුන්වැනිදා එන්නත් මාත්‍රා 63,704ක් හතර වැනිදා එන්නත් මාත්‍රා 35,661ක් සහ ඊයේ දිනයේ එන්නත් මාත්‍රා එක් ලක්ෂ 51,873ක් ලබා දී තිබේ.

    Latest News