පරිපූරක හා අතුරු වෛද්‍ය අඛණ්ඩ වර්ජනයක්

ජූලි 05, 2021

    පරිපූරක සහ අතුරු වෛද්‍ය වෘත්තිය සමිති 13 ක් ඒකාබද්ධව ක්‍රියාත්මක කළ සංකේත වැඩ වර්ජනය අද සිට අඛණ්ඩ වැඩවර්ජනයක් ලෙස ක්‍රියාත්මක වනවා.

    පරිපූරක වෛද්‍ය සේවා ඒකාබද්ධ බල මණ්ඩලය පවසන්නේ සිය ඉල්ලීම් සඳහා බලධාරින්ගෙන් මෙතෙක් කිසිදු ප්‍රතිචාරයක් නොලැබීම හේතුවෙන් මෙම තීරණයට එළඹි බවයි.
    හෙද සේවාවේ ඉල්ලීම් සඳහා පමණක් ජනාධිපතිවරයාගේ මැදිහත්වීම මත විසදුම් ලබා දීමට විරෝධය පල කරමින් පසුගිය දෙදින පරිපූරක සහ අතුරු වෛද්‍ය වෘත්තිය සමිති 13 ක් සංකේත වැඩ වර්ජනයක නිරත වුණා.
    මේ හේතුවෙන් රෝහල් රැසක කටයුතු මෙන්ම එන්නත්කරණ කටයුතු සඳහා ද දැඩි බාධා මතු වූ බවයි වාර්තා වුණේ.

    Latest News