රයන්ගේ රථයක කේරළ ගංජා (වීඩියෝ)

පෙබ 09, 2019

    මාකඳුරේ මධූෂ් සමඟ පසුගියදා ඩුබායි හිදී අත්අඩංගුවට පත් රංගන ශිල්පී රයන් වැන් රූයන් භාවිතා කරන ලද බව කියන මෝටර් රථයක් මිරිස්ස ප්‍රදේශයේ සංචාරක නිකේතනයක රඳවා තිබියදී වැලිගම ⁣මූලස්ථාන පොලීසිය විසින් සොයා ගෙන ඇත.

    එම මෝටර් රථය තුළ තිබී කේරල ගංජා ග්‍රෑම් 5.75 (මිලිග්‍රෑම් 5750) ක් ද හමුවී ඇත.

    අදාල මෝටර් රථය රයන් විසින් භාවිතා කරන ලද මෝටර් රථය බවට ඩුබායිහිදි අත්අඩංගුවට පත් සන්ෂයින් සුද්දා නොහොත් අමිල ප්‍රසංග හෙට්ටිහේවා ගේ සහෝදරයා විසින් පොලීසියට ප්‍රකාශයක් ලබා දී ඇත.

    එම රථය වත්තල උස්වැටකෙයියාව ප්‍රදේශයේ කාන්තාවකගේ නමට ලියාපදිංචි කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් වැලිගම පොලිසිය පරික්ෂණ පවත්වයි.

    Last modified on සෙනසුරාදා, 09 පෙබරවාරි 2019 18:17

    Latest News