රොක්සි උද්‍යානයේදී ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ටත් කොවිඩ් එන්නත

ජූනි 24, 2021

    'කොවිඩ් 19' පැතිරීම වැලැක්වීමේ ජාතික ක්‍රියාන්විතය වඩාත් ශක්තිමත් කරමින් සෞඛ්‍ය සේවා විසින් සිදුකරනු ලබන එන්නත්කරණ වැඩසටහන වඩාත් කාර්‍යක්ෂමව සහ ක්‍රමවත්ව සිදුකිරීම සදහා යුද්ධ හමුදාවේ මුලිකත්වයෙන් අද ( 24) දිනයේද එන්නත්කරණ වැඩසටහන් ක්‍රියාත්මක කෙරිණ.

    ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමාගේ දැනුම්දීමට අනූව යුධ හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වාගේ මගපෙන්වීම යටතේ, ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකාය සහ අනෙකුත් යුධ හමුදා භට පිරිස් විසින් මේ සදහා දායකත්වය ලබා දෙනු ලබයි.

    අද රොක්සි උද්‍යානය, වැල්ලවත්ත යන එන්නතකරණ මධ්‍යස්ථානයේදී මෙම එන්නතකරණ වැඩසටහන ක්‍රියාත්මක කෙරිණ.

    අද දින එන්නත්කරයේ විශේෂත්වය වන්නේ වයස අවුරුදු 60 වැඩි ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සදහා මෙම එන්නත්කරණ වැඩසටහන ක්‍රියාත්මක කිරීමයි.

     

    Last modified on බ්‍රහස්පතින්දා, 24 ජූනි 2021 18:49

    Latest News