බේරුවල හෙරොයින් සැකකරුවන් 22 තෙක් රක්ෂිත බන්ධනාගාරයට

පෙබ 08, 2019

    හොරොයින් 231kg ක් ලඟ තබා ගැනිම සම්බන්ධයෙන් දැනට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සැකකරුවන් 8 දෙනා පෙබරවාරි 22 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කෙරේ.

    කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද(09) මේ නියෝගය සිදු කළේ හෙරොයින් ලංකාවට ආනයනය කිරිම, ජාවාරම් කිරිම හා ලඟ තබා ගැනීම යන චෝදනා යටතේයි.

    මීට ඉහත අවස්ථාවේදී අධිකරණය කළ නියෝග අනුව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ විමර්ශන නිළධාරීන් විසින් දැනට අත්අඩංගුවට පත්ව තිබෙන සැකකරුවන් 8දෙනා සම්බන්ධයෙන් වෙන්වෙන්ම කරුණු ඉදිරිපත් කෙරිණි.

    කරුණු සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය, දැනට ප්‍රමාණවත් කරුණු ඇති බැවින් විමර්ශන කඩිනම් කර සැකකරුවන්ට විරුද්ධව චෝදනා ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙස නියෝග කළේය.

    රුපියල් කෝටි 277කට අධික වටිනාකමකින් යුත් මෙම හෙරොයින් තොගය බේරුවල මුහුදු ප්‍රදේශයේ දී පසුගියදා (5) අත්අඩංගුවට ගැනිණි. එම අවස්ථාවේදී එහි ප්‍රධාන සැකකරු වන දුලිප් ලසන්ත ද සිල්වා සතුව තිබූ සැටලයිට් දුරකථන 2ක්, බෝට්ටු 2ක් ද සොයාගනු ලැබීය.

    පකිස්ථානය හා ෂීෂෙල්ස්හි මත්ද්‍රව්‍ය ජාවාරම්වලට ද මොහු සම්බන්ධ බවට, මේ වන විටත් තොරතුරු අනාවරණය වී ඇති බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සඳහන් කොට ඇත. එහි එක් පුද්ගලයෙක් සැකකරුගේ බාල සොහොයුරු බවට ද තොරතුරු අනාවරණය විය.

    Latest News